රජයේ මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් ඊයේ (17) දින එක් වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසිය බරපතළ ලෙස දේශපාලනීකරණය වී තිබූ බවයි. පෙර සිටි පොලිස්පතිවරයෙක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දේශපාලකයන්ගේ කැමැත්ත මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදු වූ බවද ඔහු කියා සිටියා.
විශාල පොලිස් නිලධාරීන් පිරිසක් තම ගම හෝ ආසන්න ගමක රාජකාරී සිදු කරමින් සිටි බවද මෙම තත්වයන් මේ වන විට වෙනස් කරමින් සිටින බවද වැඩබලන පොලිස්පතිවරයා තවදුරටත් කියා පවසනවා. මහජනතාවගේ විනය නිර්මාණය කිරීමට පෙර පොලිසියේ විනය නිර්මාණය කළ යුතු බවද ඔහු අවධාරණය කරනු ලැබුවා.
මාධ්‍යවේදී නුවන් හෙට්ටිආරච්චි විසින් මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.