අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු පහත හෙළා තිබෙනවා.
ඒ අනුව 20%ක විදුලි ගාස්තු පහළ හෙළීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙනවා. මෙම දැනුම් දීම කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගාස්තු පහළ දැමීමට එකඟ නොවී විදුලි බිල ඉහළ දැමීමට යෝජනා කළ පසුබිමකයි.
විදුලි බිල අඩු කර ඇති ආකාර පහත පරිදි වෙනවා.
ගෘහස්ථ අංශය සඳහා
ඒකක 0 – 30 දක්වා 29%
ඒකක 31 – 60 දක්වා – 28%
ඒකක 61 – 90 දක්වා – 19%
ඒකක 91 – 180 දක්වා – 18%
ඒකක 180 සිට ඉහළට – 19%
D – TOU කාණ්ඩය – 31%
පොදු කාර්‍ය අංශය – 12%
රාජ්‍ය ආයතන – 11%
හෝටල් අංශය – 31%
කර්මාන්ත අංශය – 30%
ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%
වීථි ලාම්පු සඳහා – 11%