Fri. Jun 27th, 2025

දුමින්ද සිල්වා ගැන බන්ධනාගාර තීරණයක්!

Jan17,2025 #news #police #slpolitics
R. Duminda Silva transferred to a regular ward in prison

විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව යමින් ඊයේ (16) සිට සිරකරු දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ K-1 නම් සාමාන්‍ය සිර මැදිරියක් වෙත මාරු කර තිබෙනවා. බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව තවදුරටත් ඔහු රෝහල්ගත කර තැබීමේ අවශ්‍යතාවක් නැති බවට නිගමනය කර ඇතැයි සඳහන්.

මෙයට පෙර ජනවාරි 10 වැනි දින දුමින්ද සිල්වා සාමාන්‍ය සිර මැදිරියකට මාරු කිරීමෙන් පසු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සිරකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර තිබුණා. එම කමිටුවද නිර්දේශ කර තිබුණේ සිරකරුවා බන්ධනාගාර රෝහලේ රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූ සිරකරු ආර්. දුමින්ද සිල්වා වෙත බන්ධනාගාරයේදී විශේෂ වරප්‍රසාද හිමි වන බවත් බන්ධනාගාර රෝහලේ පහසුකම් යටතේ රඳවා තබා ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *