ජනපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස හම්බන්තොට ප්‍රෙද්ශයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙම ගිවිසුම අද (16) මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම විසින් අත්සන් කෙරුණා.
මෙම ආයෝජනය ඩොලර් බිලියන 3.7ක් බවයි වාර්තා වන්නේ. තෙල් බැරල් ලක්ෂ 2ක ධාරිතාවකින් යුක්ත වන අතර මෙයින් විශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙහි ප්‍රතිලාභ ඉක්මනින්ම හම්බන්තොට අඩු ආදායම්ලාභී ජනතාවටත් සමස්ත ලාංකිකයන්ටත් හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.