Sat. Jun 28th, 2025

ජෙරොම්ට එරෙහි නඩුවේ විම­ර්ශන වාර්තාවක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බව නීති­පති දන්වයි

Jun11,2024

බුදු දහම ඇතුළු අන්‍ය ආග­ම්ව­ලට අප­හා­ස­යක් සිදු කළේ යැයි සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා­හැර සිටින දේව­ගැති ජෙරොම් ප්‍රනා­න්දුට එල්ල වී ඇති මුදල් විශු­ද්ධි­ක­රණ චෝදනා සම්බ­න්ධ­යෙන් මේ වන තෙක් සිදු­කර ඇති විම­ර්ශ­න­වල වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බව නීති­ප­ති­ව­රයා ඊයේ(10) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා තිබෙනවා.

අදාළ ප්‍රකා­ශය සිදු කිරීම සම්බ­න්ධ­යෙන් දේව­ගැති ජෙරොම් ප්‍රනා­න්දුට එරෙ­හිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් පිළි­බඳ සම්මුති පනත යටතේ නඩු පව­රන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණ­වංශ හිමි­යන් ඇතුළු සර්ව ආග­මික නාය­ක­යින් ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳ­වනු ලැබූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පිරිස් මහතා මේ බව සඳ­හන් කළා.

මුර්දු ප්‍රනාන්දු, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වා තිබෙනවා.

පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සංජීව ජය­ව­ර්ධන මහතා සඳ­හන් කළේ පෙත්ස­ම්ක­රු­වන් තිදෙ­නෙකු මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තමන්ට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පෙත්ස­ම්ක­රු­වන් වූ ආචාර්ය ශිවාෂ් රාම­ච­න්ද්‍රන් කුරු­ක්කල් බාබු ෂර්මා, නිශාන් කුරේ පිය­තුමා, අල්හාජ් හසන් මොහො­මඩ්, යන අය මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තමන්ට දැනුම් දී ඇති බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා දැනුම් දුන්නා

කෙසේ වුවද පෙත්සම් සෙසු පෙත්ස­ම්ක­රු­වන් එවැනි කිසිදු දැනු­ම්දී­මක් කර නොමැති බවද ඒ මහතා සඳ­හන් කළා.

කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මෙම පෙත්සම මීට පෙර අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා ප්‍රමුඛ විනි­සුරු මඬු­ල්ලක් හමු­වේත් විභා­ග­යට ගෙන ඇති බැවින් අදාළ කරුණු අග­වි­නි­සු­රු­ව­රයා සිටින විනි­සුරු මඬු­ල්ලක් හමු­වට ඉදි­රි­පත් කරන ලෙස දන්වා සිටි­යා .

ඒ අනුව පෙත්සම නැවත මෙම ජූලි මස 22 වැනිදා කැඳ­වී­මට නියම කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *