ආනයන සහිත කන්ටේනර් රේගුවෙන් නිදහස් වීමේ ප්රමාදය නිසා පසුගිය දිනවල ගැටලුවක් නිර්මාණය වුණා. පසුගිය දා රේගුවේ නිලධාරීන් ඇතුළු බලධාරීන් කැඳවූ ජනපතිවරයා මෙම ගැටලුව ඉතා ඉක්මනින් විසඳන ලෙස දන්වා සිටියා.
එහෙත් කන්ටේනර් රථ නියෝජිතයන් සහ ප්රවාහන නියෝජිතයන් පවසන්නේ තවමත් මෙම කටයුතු නිවැරදිව සිදු නොවෙන බවයි. රේගුව පවසන්නේ මෙම නියෝජිතයන් සහභාගි වීම නිසා තදබදය නිර්මාණය වන බවයි.
පසුගිය දිනවල කන්ටේනර් රථ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර මේ වන විට එය මදක් අඩුව ඇතැයි වාර්තා වෙනවා.