රජය විසින් වාහන ආනයනයේ දී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම නිසා ගෙන්වීමට නියමිත වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ පෙන්වා දෙනවා.
පැවති බදු අනුපාතයන්ට වඩා 20%ක ආසන්න ප්රමාණයකින් ඉහළ යනු ඇති අතර වැට් බදු අනුපාතයන්ද එක්වීමෙන් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි පැවසෙනවා.
නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට වැඩි වාහන සඳහා 300% බදු ප්රතිශතයක් ක්රියාත්මක වෙනවා.
ජනපතිවරයා විසින් නව බදු ගණන් සටහන් කරමින් ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.