Sat. Jun 28th, 2025

ජංගම දුරකතන පැකේජ ගාස්තු ඉහළ දමලා: පාරිභෝගික මැසිවිලි

Jan12,2025 #consumer #mobile phone #news
Mobile phone package rates increased: Consumer complaints

දුරකතන සේවා සමාගම් විසින් විවිධ පැකේජවලට දක්වා තිබු මිල ගණන් පසුගිය දිනවල සිට වෙනස් කර ඇති බව පාරිභෝගිකයන් පවසනවා.

සියලුම ජාලයන් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමටත් ඩේටා පහසුකම් ලබා ගැනීමටත් තිබු මිල ගණන් වෙනස් කර ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ ඩේටා පැකේජ හරහා පාරිභෝගිකයන්ගෙන් අයුතු මුදල් අයකිරීමක් සිදු වෙන බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *