Fri. Jun 27th, 2025

සුප්‍රසිද්ධ කෝවිලක තෙරපී 6ක් මරු තුරුළට යයි!

Jan11,2025 #india #news #world
6 killed in stampede at Tirupati temple

දකුණු ඉන්දි­යාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරු­පති කෝවිල් භූමියේ තෙර­පී­ම­කින් පුද්ග­ල­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අන­තුර සිදුවී ඇත්තේ තිරු­පති කෝවිලේ අද ආරම්භ වීමට නිය­මිත විෂ්ණු පූජාව සඳහා සහ­භාගි වීමට ප්‍රවේ­ශ­පත්‍ර ලබා ගැනී­මට අති­වි­ශාල බැති­ම­තුන් පිරි­සක් එක්රොක් වීම හේතු­වෙන් බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළා. තෙර­පීම හේතු­වෙන් තුවාල ලැබූ තවත් විශාල බැති­ම­තුන් පිරි­සක් රෝහ­ල්ගත කර තිබෙනවා.

දින 10ක් පුරා පැවැ­ත්වෙන විෂ්ණු පූජාව තිරු­පති කෝවිලේ ජන­වාරි මාසයේ විශා­ල­තම ආග­මික උත්ස­වය වෙනවා. ඒ සඳහා දෙස් විදෙස් හින්දු බැති­ම­තුන් විශාල සංඛ්‍යා­වක් සහ­භාගි වන අතර ප්‍රවේ­ශ­පත්‍ර එක්ලක්ෂ විසි­ද­හ­සක ප්‍රමා­ණ­යක් බෙදා දීම සඳහා කවුළු 4ක් ස්ථාපිත කර තිබූ බවත්, ප්‍රවේ­ශ­පත්‍ර ලබා­ගැ­නීම සඳහා රැස්වූ බැති­ම­තුන් අතර නොස­න්සු­න්තා­වක් හට­ගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *