විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කාර්යාලයට පැමිණි එක්තරා ව්‍යාපාරිකයෙක් කලබලයක් ඇති කර ඇති බව වාර්තා වෙනවා.
තමා මැතිවරණය වෙනුවෙන් කෝටි 50ක් වියදම් කළ බවත් ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බව කීවද එය මේ දක්වා ලබා නොදුන් බවත් එසේ නොදෙන්නේ නම් මුදල් ආපසු දිය යුතු බවත් ඔහු එහිදී කියා තිබෙනවා.
කෙසේ වෙතත් කාර්යාලයේ පිරිස පවසා ඇත්තේ මුදල් ලබා දුන් අය සමඟම ප්‍රශ්නය බේරා ගන්නා ලෙසයි. පසුව බලාගන්නා බවට කියා අදාළ ව්‍යාපාරිකයා කෝපයෙන් පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.