Sat. Jun 28th, 2025

මාව එල්ලලා මරන්න – ඥානසාර හිමි අධිකරණයේදී බිරුසන්‌ දෙයි!

Jan10,2025 #news #police #slpolitics
Galagoda Aththe Gnanasara Thero shouted at the Colombo Additional Magistrate's Court yesterday (09) to demand that he be hanged without any further ado.

තමන් වහන්සේට විටින් විට කෙණෙහිලිකම් නොකර එකවර එල්ලා මරා දමන්නැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී කෑ ගසා ඉල්ලා සිටියා.

‘මා බෞද්ධ භික්ෂුවක්. වසර 20ක් තිස්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මා කටයුතු කරනවා. විටෙන් විට මෙලෙස කෙණෙණෙලිකම් නොකර එකවර මරා දැමීමට නියෝග කරන්න’ උන්වහන්සේ කියා සිටියා.

ඉස්ලාමය අතුගා දැමිය යුතු බව කියමින් ප්‍රස්දිධියේ ප්‍රකාශයක් කිරීම මගින් ආගමික සංහිඳියාවට හානි කළ බවට තීරණය කළ අධිකරණය ඥානසාර හිමිට මාස 9ක ලිහිල් සිර දඬුවමක් නියම කළා.

පසුව ඒ හිමිගේ නීතිඥයන් ඇප අභියාචනයක් ඉදිරිපත් කළ අතර එයද ප්‍රතික්ෂේප කෙරුණා. ඇප ලබා දීමට තරම් කරුණක් පෙනී නොයන බවයි අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *