මුලතිව් තිරුක්කායි මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකුගේ දැලකට මඩු වර්ගයේ මසුන් විශාල රෑණක් කොටු වී තිබෙනවා. එම ප්‍රමාණය කිලෝ 8000ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා.
එවායේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට අධික නමුත් ලක්ෂ 60කට මෙම මසුන් තොගය වෙන්දේසියේදී ලබා දී තිබෙනවා.
මසුන් තොගය සමඟ දැල ගොඩට ගැනීමට ට්‍රැක්ටර් 4ක් උපයෝගී කරගත් බව සඳහන්. මෙම මසුන් තොගය දකුණෙන් ගිය මාළු ව්‍යාපාරිකයන් 4ක් විසින් ලක්ෂ 60කට මිලට ගෙන තිබෙනවා.