Sat. Jun 28th, 2025

මහ මෝලුන් මට්ටුවට ආණ්ඩුවෙන් නූල් සූත්තර !

Jan10,2025 #news #sl economy
A concessional loan to purchase paddy harvest

මහ කන්නයේ අස්වනු මිලට ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපාකාර සමිති වෙත රුපියල් මිලියන 10000ක ණයක් ලබා දීමට ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 25 ට අඩු සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති මෙයට අයත් වෙනවා.

උපරිම රුපියල් ලක්ෂ 500ක ණය මුදලක් 7% වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ඉන් ලබා දීමට නියමිතයි.

ලංකා බැංකුව
මහජන බැංකුව
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සෙලාන් බැංකුව
සම්පත් බැංකුව
කොමර්ෂල් බැංකුව
ඩී.එෆ්.සී.සී. බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
සණස සංවර්ධන බැංකුව
යුනියන් බැංකුව
පැන් එෂියා බැංකුව
අමානා බැංකුව
කාර්ගීල්ස් බැංකුව

බැංකු හරහා මෙම ණය ලබා දීමට නියමිත වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *