Clean Sri Lanka වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙහෙයුම් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සහ බස් සංගම් අතර ඊයේ (08) පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය අත්හැර දැමීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරනු ලැබුවා.
බස් හිමියන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් කියා සිටියේ පොලිස් මූලස්ථානයේදී අනතුරු සම්බන්ධයෙන් පෙන්වූ විවිධ වීඩියෝ අනුව මහමගදී විනයගරුක වීම අත්‍යාවශ්‍ය බවයි. කෙසේ වෙතත් ක්‍රියාමාර්ග ගැනීමට පෙර රියදුරන් දැනුවත් කිරීම පිණිස ඉල්ලා සිටි මාස තුනක සහන කාලය වෙනුවෙන් පොලිසිය එකඟතාව පළ කර ඇති නිසා වැඩවර්ජනය අත්හිටවූ බවද ඔවුන් කියා සිටියා.
මේ දක්වා සිදුවූ අනතුරු මෙම මෙහෙයුම් දිනවල ප්‍රමාණාත්මකව අඩු වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.