අද (8) දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රිය ස්ථානයේ සිදු කිරීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව දහවල් 1.00ත් සවස 4.00ත් අතර කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ඇතුළු ස්ථානවලට අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසට ඇතුළුවීම තහනම් කරමින් කොටුව අධිකරණය නියෝගයක් නිකුත්කර ඇතැයි වාර්තා වෙනවා.