Fri. Jun 27th, 2025

ජනපති අනුරට චීනයෙන් විශේෂ ඇරැයුමක්!

Jan7,2025 #news #slpolitics
A special invitation from China to President Anura!

චීන ජනරජයේ විශේෂ ඇරැයුමකට අනුව ජනපති අනුර කුමාර දිසානායක සිව් දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත් වීමට නියමිත වෙනවා.

ජනපතිවරයා චීනයේ සිව් දිනක් පමණ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික හමු කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ජනවාරි 14 වැනිදා මෙම සංචාරය ඇරඹෙන අතර විදේශ අමාත්‍ය විජිත හේරත්, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක යන අයද මෙම සංචාරය සඳහා එක්වීමට නියමිත වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *