Sat. Jun 28th, 2025

ගෙදරට පැන අඹ ගෙඩියක් පමණක් හොරකම් කළ අමුතු හොරෙක්!

Jan7,2025 #news #police

නිවසකට  කඩා වැදුණු  සොරෙකු විනාඩි 30කට ආසන්න කාලයක් සෝදිසි කරමින් සිට අඹ ගෙඩියක් රැගෙන පිටව යාමේ අසාමාන්‍ය සොරකමක් වාර්තා වීමත් සමග නාවල ප්‍රදේශවාසීන් මහත් විමතියට පත් වී තිබෙනවා. 

අලුයම සිදු වූ මෙම අරුම පුදුම සිදුවීම නිවෙස් හිමියන් විසින් අනාවරණය කර ගෙන ඇත්තේ ඔවුන්ගේ අල්මාරි සහ බඩු බාහිරාදිය අවුල් කර ඇති අයුරු දැකීමෙන් පසුවයි.

නිවස තුළ තිබූ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ සොරා අඹ ගෙඩිය ගෙන යෑමට පෙර ක්‍රමානුකූලව කාමර විවිධ සෝදිසි කර ඇති බවයි.  

පොලිසිය සතුව ඇති වීඩියෝ පටයේ, සොරා සන්සුන්ව නිවස ගවේෂණය කරද්දී කිසිදු කලබලයක් හෝ ඉක්මන් බවක් පෙන්වන්නේ නෑ.  සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වටිනා භාණ්ඩ කිසිවක් අතුරුදන් වී නොමැති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *