Sat. Jun 28th, 2025

අලුතෙන් ගෙන්වන වාහනවල මිල ගැන ආනයනකරුවෝ කියති!

Jan7,2025 #news #sl economy
A photo related to the import of vehicles into Sri LankaImporting vehicles

වාහන ආනයනයේදී දැනට පවතින බදු සීමාවන් වෙනසකට ලක් කළහොත් වෙළෙඳපොලේ වාහන අලෙවි වන මිලද වෙනස් වනු ඇති බව ආනයනකරුවෝ පවසනවා.

වාහන යළි ගෙන්වීම ආරම්භ කළ පසු අලෙවි කළ හැකි ඇස්තමේන්තු මිල ගණන් දක්වා ඇත්තේ පවතින බදු අනුපාතයන් යටතේ බව පවසන ඔවුහු දැනට මෙරට වෙළෙඳපොලේ ජපන් වාහනයක් සඳහා 300%ක පමණ බදු ප්‍රමාණයක් පැනවෙන බවද පෙන්වා දෙනවා.

රටේ ඇති භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ වාහන ආනයනය සීමා කිරීම නිසා බවත් වාහන ආනයනය කිරීම ආරම්භ කළ පසු ඒවායේ මිල සාමාන්‍ය තත්වයට එනු ඇති බවත් ආනයනකරුවෝ විශ්වාසය පළ කරනවා.

විනිමය අනුපාතයන් වෙනස් වීම නිසා වාහනවල මිල ගණන් 2022ට පෙර පැවැති තත්වයට කිසිසේත්ම නොපැමිණෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *