2021 වසරේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පුද්ගලයන් 34 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
අද (06) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා වෙනවා.
2021 ජූලි 08 දා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ පණත් කෙටුම්පතට එරෙහිව පැවැත්වූ විරෝධතාවකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා.