දිවයින පුරා බස් රථවල විවිධ සැරසිලි ආදිය පොලිසිය විසින් ඉවත් කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ජනතාව බහුතරයක් ප්‍රසාදයෙන් අදහස් පළ කරනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට අනුව මෙසේ බස් රථ පරීක්ෂාව සිදු කරන අතර බස් රියදුරන් සිදුකරන වැරදි සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් ලවා පරීක්ෂා කර දඩ කොළ නිකුත් කිරීමද සමගාමීව සිදු කෙරනවා.
කෙසේ වෙතත් බස් වෘත්තීය සංගම් මේ සම්බන්ධයෙන් වැඩවර්ජන අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පොලිසියට මෝටර් රථ ප්‍රවාහන පණත අනුව කටයුතු කරන ලෙසයි.