පවතින සහල් හිඟය හේතුවෙන් මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88000 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා.
කැකුළු සහල් මෙට්‍රික් ටොන් 34000ක් සහ තැම්බූ සහල් ටොන් 54000ක් මීට අන්තර්ගත වෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසන්නේ.
ඒ අතර සහල් ආනයනය ජනවාරි 10 දක්වා දීර්ඝ කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම සහල් ප්‍රමාණය ම පාහේ පෞද්ගලික අංශය විසින් ගෙන්වූ අතර රාජ්‍ය ආයතන දෙකකට සහල් ගෙන ඒමට නොහැකි වීම කතාබහට ලක් වුණ සිදුවීමක් වුණා.