තරුණ සේවා සභාව පසුගිය 2024 වසරේ දී සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3230ක මුදලක් වැය කර ඇති බව සිළුමිණ පුවත්පත වාර්තා කරනවා.
දිවයින පුරා සංගීත සංදර්ශන 14ක් පවත්වා ඇති අතර ජාතික තරුණ සේවා සභාවේ අරමුණුවලින් බැහැරව සිදු කර ඇති මෙම සංදර්ශන සම්බන්ධයෙන් විගණන විමසුම්ද එවා ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ.
මෙම සංගීත සංදර්ශන වෙනුවෙන් අතිවිශාල මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත් වැය වී ඇත්තේ එයට අඩු මුදලක් බවත් එහි සඳහන් වෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මහජන ක්‍රීඩාංගණයේ සංදර්ශනය – 64986786 ක මුදලක් ද, බණ්ඩාරවෙල සංදර්ශනයට – 20179185ක මුදලක් ද ආදී වශයෙන් විශාල මුදල් ප්‍රමාණ මේවා සඳහා වැය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් හිටපු ඇමැතිගේ වැඩ ගැන විමර්ශන ඇරඹෙන බවද එහි සඳහන් වෙනවා.