Sun. Jun 22nd, 2025

ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත්!

Jan3,2025 #news #slpolitics

ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා‌ගේ ප්‍රධානත්ව‌යෙන් ඊයේ (2025-01-02) කාර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ද සහභාගී විය.

රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කරගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම හා ඒ සඳහා මහජනතාව ඒකාබද්ධ කරගැනීම වැනි කරුණු විශාල සංඛ්‍යාවක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

  • මාධ්‍ය ඒකකය – කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යංශය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *