Tue. Jun 24th, 2025

57 කත ගර්භනී වෙසින් වසර 2ක් ජනතාව රවටා මුදල් ගරලා!

Jan3,2025 #news #police

ව්‍යාජ ලෙස ගර්භනී බව පෙන්නමින් ජනතාව රවටා සිඟමන් යැදි 57 හැවිරිදි කතක් පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර බස් නැවතුම්පොල සහ ඒ අවට වසර 2ක පමණ කාලයක් ගර්භනී බව අඟවා තිස්සේ සිගමන් යදින බවට ලද තොරතුරු මත ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

උදරය ප්‍රදේශයේ රෙදි ආවරණ යොදා ගර්භනී බව පෙනෙන ලෙස සාදා තිබුණු බවයි දැනගැනීමට ඇත්තේ. කූට ලෙස ජනතාව නොමඟ යවමින් සිඟමන් යැදීම යන වරද යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *