Mon. Jun 23rd, 2025

පදමට සූර් වූ සැරයන්ගේ සාක්කුවේ කාලක්: අත්අඩංගුවට!

Jan2,2025 #news #police

බීමතින් ජංගම මුර සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසනවා.

51 හැවිරිදි මෙම නිලධාරියා අඟුලාන පොලිසියේ සේවය කළ අතර රාත්‍රී ජංගම මුර සංචාරයේ යොදවා තිබෙනවා.

ඒ අතර ත්‍රිරෝද රථය අගුලාන පොලිසිය ඉදිරිපිට නවතා තිබියදී පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රිරෝද රථය පරීක්ෂා කර තිබෙනවා. එහිදී සැකකාර සැරයන්වරයා බීමතින් ත්‍රිරෝද රථය තුළ වැතිර සිට ඇති අතර ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ ඉතිරි වූ මත්පැන් කාලේ බෝතලයක් තිබී හමුවී ඇති බව පොලිසිය පවසනවා.

පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *