ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා පරිහරණය කළ බව කියන කොටස් එකලස් කරන ලද රුපියල් කෝටි හතරහමාරක් වටිනා ජීප් රථ තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබෙනවා.
මෙම රථ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවා නොමග යවමින් හොර පාරෙන් ලියාපදිංචි කර ඇතැයි සඳහන්. විදෙස් හමුදා භාවිතා කරන වාහනයකට සමාන වාහන මෙලෙස අත්අඩඅඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජීප් රථ තුන රාජ්‍ය ආයතනවලින් ගර්හිත කරන ලද වාහනවල අංක යටතේ ලියාපදිංචි කර ඇතැයි හෙළිව තිබෙනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීමට නියමිත වෙනවා.
ක්ල්බ් වසන්ත ඝාතන සිදුවීමට අදාළව ද මෙම හිටපු මන්ත්‍රීවරයා පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.