Tue. Jun 24th, 2025

තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වත් රැක ගැනීමට නොහැකි පොලිසිය පරිශීලක දත්ත රකීද?

Jan2,2025 #news #police

සාවද්‍ය තොරතුරු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වන ආචාර්ය සංජන හත්තොටුව විසින් රථවාහන වැරදි වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වාදුන් ‘eTraffic’යෙදුමේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා ආරක්ෂා කරගැනීමට නොහැකි වූ බවයි. ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ගිණුම් පසුගිය දා හැකරුන් අතට පත් ව තිබුණා.

ශ්‍රී ලංකා පොලිසිය අදාළ යෙදුම සම්බන්ධයෙන් ගූග්ල් ප්ලේ ස්ටෝ වෙතින් බාගත කළ හැකි බව එක්ස් සටහනක් තබා තිබුණද තවමත් එහි එම යෙදුම ලබා ගත නොහැකි බව සඳහන් වෙනවා.

සංජන හත්තොටුව තවදුරටත් පෙන්වා දෙන්නේ නිවරැදිව කළමනාකරණය නොවන්නේ නම් පරිශීලකයාගේ දත්ත සැලකිය යුතු රහස්‍යතා අවදානමකට භාජනය විය හැකි බවයි. එසේ මෙම යෙදුම පුද්ගලික ආරක්ෂණ පණතේ විධිවිධාන සමඟ නොගැලපෙන බවද ඔහු අවධාරණය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *