Fri. Jun 27th, 2025

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි පදින ඇමැතිට තරවටුවක්!

Dec31,2024 #2024 #news #slpolitics

සුඛෝපභෝගී වාහනවලට එරෙහි වෙමින් සිට දැන් අතිසුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් භාවිතා කරන ඇමැතිවරයෙක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් අදාල අමාත්‍යවරයාට රජයේ ඉහළම තැනකින් මේ සම්බන්ධ තරවටුවක් කෙරී ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ඇමැතිවරයා අදාළ වාහනය අත්හැරීමට තීරණය කර ඇති අතර වෙනත් වාහනයක් සොයන බව වාර්තා වෙනවා.

රජයේ අමාත්‍යවරුන් ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වාහන වෙනුවට ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන භාවිතයට පොදු තීරණයක් ගෙන තිබියදී මෙම අමාත්‍යවරයා අදාළ වාහනය භාවිතයට ගෙන තිබෙන බව වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *