මේ වන විට රට පුරා මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවිසල්වලින් බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කර තිබෙනවා. එහි සභාපතිවරයා පවසන්නේ දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 400ක් සතොස හරහා බෙදා හරින බවයි.
පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 650ක් මේ වන විට සතොස මගින් මිලදී ගෙන තිබෙනවා.
ඒ රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් වෑයම් කිහිපයක් නිෂ්ඵල වූ පසුබිමකයි!