නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.
මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
වත්මන් යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු එම තනතුරට පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.