වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල කුමක්දැයි පොදු ජනතාවට මෙන්ම ආයෝජකයන්ටද කිසිදු අවබෝධයක් නැතැයි ආර්ථික විද්‍යාඥ ප්‍රියංග දුනුසිංහ පවසනවා.
“අපි දකින්නේ නැහැ ඇත්තටම මොකක්ද රජයේ ආර්ථික වැඩපිළිවෙල කියන කාරණාව. අපි දකින්නේ නැහැ ඊට අදාළව කටයුතු කෙරෙනවා. දැනට අපි දකින්නේ මූලික වශයෙන්ම අර එදිනෙදා තියන ආර්ථිකයේ පැනනඟින ගැටලු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක්. මොක ද ආර්ථිකය ඉදිරියට අරගෙන යෑම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බවක් පේන්නත් නැහැ. ඉතින් මේ තුළ මම හිතන්නේ මම කල්පනා කරන ආකාරයට අපි ප්‍රමාදයි. ”
යනුවෙන් පවසන මහාචාර්යවරයා පසුගිය රජයේ ආර්ථික ස්ථායිකරණයට අමතරව ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියත් මෙම රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා දකින්නට නැති බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.