Sat. Jun 28th, 2025

අල්ලස් ගනිද්දී සලෝචන ගමගේ අත්අඩංගුවට!

Dec28,2024 #news #police #slpolitics

හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ව්‍යාපාරික සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් මිලියන 9ක් අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී.

සැකකරුවන් වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගනිමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ඉඩමකට වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වීම මත මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසනවා. එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබුණු එකක් බව පැවසෙනවා.

සැකකරුවන් තම බලපෑම යොදා ගනිමින් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට අදහස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *