Fri. Jun 27th, 2025

ආණ්ඩුවේ සහල් නාවේ කොමිස් නිසා ද?

Dec28,2024 #news #sl economy

මෙරට පවතින සහල් හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කළ පසු මේ දක්වා මෙට්‍රික් ටොන් 70000ක් පමණ පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙරටට ආනයනය කර තිබුණද රාජ්‍ය අංශයට මේ දක්වා සහල් ආනයනය කිරීමට නොහැකි වී තිබීම කතාබහට ලක්ව තිබෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් සහල් ආනයනය සඳහා ටෙන්ඩර් ලබා දුන් ඉන්දීය සමාගම මේ දක්වා සහල් ලබා දී නැතැයි පැවසෙනවා. එසේ ම සහල් ආනයනය කිරීම සඳහා සතොස ලබා දුන් ටෙන්ඩර්ද තුනක් අකර්මණ්‍ය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අල්ලස දූෂණය සහ නාස්තියට එ‍රෙහි පුරවැසි බලය සංවිධානයේ කාමන්ත තුෂාර විසින් රහස් පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොකරන්නේ ඇමැති වසන්ත සමරසිංහට කොමිස් මුදලක් ලැබුණු නිසාදැයි සැකයක් පවතින බවද ඔහු එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *