කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගය පක්ෂය පානදුර ආසනයේ සංවිධායක ලලිත් එල්ලාවල අද (27) දින සිට දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළ ඔහු , කියා සිටියේ සමගි ජනබලවේගයේ නායකත්වය ගැන තමා කලකිරී ඇති බවයි. නමින් සමගි වූ මුත් පක්ෂය ඇතුළේ සමගියක් නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
1989 දී දේශපාලනයට පැමිණි එල්ලාවල, 1991 දී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට පත් වූ අතර පසුව විපක්ෂ නායක විය. වසර 10ක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ඔහු වසර 4ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරුවේය.