තමන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ලෙස වැඩ බාර ගත් දිනයේම තමා සහ කාර්‍යමණ්ඩලය රැවටූ අයෙක් පාස්පෝට් 17ක් සකසාගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
“ඔබ විශ්වාස කරන්න මම වැඩබාර ගන්න දවසේ ඔබ වගේම කෙනෙක් ටයි බයි කෙනෙක් මාව මෙහෙයෙව්වා. එන්න ඇමැතිතුමා මෙහෙන් එන්න, පාස්පෝට් එක බලමු, අතන මුද්‍රණය කරන තැන බලමු, කවදාවත් ඇමතිවරු ගිහිල්ලත් නෑ යමුකෝ බලන්න කියලා මාව එක්කගෙන ගියා. එක්කන් ගියාට පස්සේ මට තේ පැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා එතන තිබ්බා.
මම හිතන්නේ අමාත්‍යංශයේ නිලධාරියෙක් කියලා. එයා කියලා තියෙනවා අමාත්‍යංශයේ නිලධාරීන්ට මම ජනාධිපති ලේකම් එකෙන් ආවේ කියලා.”
මෙම පුද්ගලයා හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවද දෙරණ රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළා.