වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා
අදාළ ආයතනය මගින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර සැකකාරියක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ මුදල් වංචාවට එම ආයතනයේ හිමිකරු ලෙසින් පෙනී සිටි අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙනවා
පොලිස් අධිකාරී / මිරිහාන – 071 8591 643
ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය – 071 8137 373