Sat. Jun 28th, 2025

වාහන සංදර්ශන දැමූ ඇමැති වසන්ත දැන් යන්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි එකේ !

Dec26,2024 #news #sl economy #slpolitics

අමාත්‍ය වසන්ත සමරසිංහ මේ දිනවල භාවිතා කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව චෝදනාවක් එල්ල වෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේගෙන්. ඔහු රූපවාහිනී නාලිකාවකට අදහස් පළ කරමින් මෙසේ චෝදනා කළා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස ගාලු මුවදොර වාහන සංදර්ශනයක් පවත්වමින් වාහන අවභාවිතා නොකරන බව කී වසන්ත සමරසිංහ මේ වන විට ලීටරයකට කිලෝ මීටර් සුළු ගණනක් යන මෙවැනි වාහනයක් භාවිතා කිරීම ගැන ඔහු ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් අගමැතිනිය තවමත් ඩබල් කැබ් රථයේ යන බව ඔහු කියා සිටියා.

ඇමැති සමරසිංහ භාවිතා කරන වාහනය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී දෙවරක් විමසුවත් ඔහු නිශ්චිත පිළිතුරක් ලබා දී නෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *