මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව පවසන තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර වැඩිදුරත් පවන්නේ මෙරට තරැණයන් ඉන් බේරා ගැනීමේ සියලු පියවර ලබන වසරේ අරඹන බවයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට නීතිමය පියවර ගන්නවා සේම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් කර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය පියවර අවසන් වන තෙක් පසුවිපරම් කළ යුතු බව නි. ඇමැතිවරයා පෙන්වා දෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා ලබන වසරේ ඇරඹෙන විශේෂ වැඩපිළිවෙල මාධ්‍ය සංදර්ශනයක් නොවන පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීමක් අපේක්ෂා කරන වැඩපිළිවෙලක් බවද ඔහු කියා සිටිනවා.