Sat. Jun 28th, 2025

රටට සුබයි : විසි ලක්ෂ වැනියා මෙරටට පා තබයි!

Dec26,2024 #news #tourism

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ තොරතුරු අනුව ශ්‍රී ලංකාව මේ වසරේ අද (26) දක්වා සිය මිලියන දෙකක සංචාරක පැමිණීම අද වාර්තා කරනු ලැබුවා.

තායිලන්තයේ සිට පැමිණි යුවළක් මෙම වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 20 සම්පූර්ණ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා සංචාරක දත්ත වාර්තාවලට අනුව 2024 ජනවාරි සිට දෙසැම්බර් 22 දක්වා සංචාරක පැමිණීම් 1,966,256ක් වාර්තා වී තිබුණා.

2024 දෙසැම්බර් 01 සිට 22 දක්වා සංචාරක පැමිණීම් 161,383 ක් වාර්තා වී ඇති අතර, වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් (35,131) වාර්තා වුණා.

රුසියාව (22,637), එක්සත් රාජධානිය (12,822), ජර්මනිය (9,998), ඕස්ට්‍රේලියාව (8,646), චීනය (6,998), එක්සත් ජනපදය (5,009), මාලදිවයින (4,007), ප්‍රංශය (4,000) පෝලන්තය (3,679) යන රටවල් ද මෙම වාර්තාව සපුරා ගැනීමට උදව් වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *