රට පුරා සහල් හිඟයක් පැවතියද මේ දක්වා සහල් ඇටයක් හෝ රජය ලෙස ආනයනය කිරීමට අසමත් වී ඇතැයි වාර්තා වෙනවා.
සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහල් ආනයනය කරන බව කීවද සතොස විසින් ලබා දුන් ටෙන්ඩර්පත් දෙකක ගැටලු සහගත තත්වයක් ඊට හේතු වී ඇතැයි පැවසෙනවා.
කෙසේ වෙතත් රජය සහල් ආනයනයට අපොහොසත් වුවද පෞද්ගලික අංශය මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 70000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.