නිවෙස් හිමිකාරිය පැදවූ සුඛෝපභෝගී මෝටර් රියට යට වීමෙන් 55 හැවිරිදි එම නිවසේ මෙහෙකරු මරුමුවට පත්වුණු සිදුවීමක් අතුරුගිරිය අන්නාසිවත්ත ප්රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම මෙහෙකරු කාලයක් තිස්සේ නිවසේ සේවය කර ඇති අතර ඊයේ (25) සවස පිටව ගොස් යළි නිවසට පැමිණ යම් අපහසුවකින් නිවස ඉදිරිපිට ඇද වැටී සිට තිබෙනවා. මේ බව නොදත් නිවෙස් හිමිකාරිය රථය ගේට්ටුව හරහා පිටුපසට ගැනීමේදී එයට යටව තුවාළ ලැබූ මෙහෙකරු මිය ගොස් තිබෙනවා.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.