කාඩිනල් නම් පොලිෂ් වර්ගයකින් තමා කුඩා කාලයේ තම මව ගෙබිම ඔප දැමූ බව දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරොම් ප්රනාන්දු පවසනවා. බිමට එය ඉතා හොඳ බවත් තමා එවක එය මත නැගී සිටි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.
සමාජ ජාලා ගිනුම් සටහනක් තබමින් ඔහු මෙසේ කියා සිටියේ ජෙරොම් ප්රනාන්දු දේවගැතිවරයෙක් නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පසුගියදා ප්රකාශ කර තිබු පසුබිමකයි.
කෙසේ වෙතත්, ජෙරොම් ප්රනාන්දු මෙරට අගරදගුරු හිමිපාණන් වෙත හීන් නූලේ කරන මේ අපහාස පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව ජනතාව පවසනවා.