අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුවයි.
මේ දක්වා එම යෝජනා ක්‍රමය යටතේ දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමි වූ රුපියල් 15000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිළිවෙලින් 10000 ක් සහ 17500 දක්වා මෙම ගැසට් නිවේදනය මගින් වැඩි කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදයේ වැඩිදුරටත් සංක්‍රාන්ති පවුල් 480000කට 2025 වසරේ ජනවාරි-මාර්තු දක්වා රු.5000ක් ලබා දීමටද යෝජිත වෙනවා. වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලැබූ රුපියල් 7500ක මුදල සහ වෙනත් හැකියා සහිත පුද්ගලයන්ට ගෙවන ලද රුපියල් 7500 මුදලද වැඩිහිටියන්ට ලබා දුන් රුපියල් 3000 මුදලද පෙර පරිදිම ගෙවනු ලබන බව එහි දැක්වෙනවා.