පොලිස් රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැළැඳ සිටීමට නිල ඇඳුමේ රඳවන කැමරා ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබෙනවා.
මුල් අදියරේදී එවන් කැමරා 1500ක් ගෙන එන බවයි වාර්තා වන්නේ.
පොලිසියේ ඇතැමුන් කරන විවිධ අකටයුතුකම් සහ අල්ලස් ලබා ගැනීම් කෙරෙහි මේ හේතුවෙන් වැට බැඳෙනු ඇතැයි බොහෝ දෙනා පවසනවා.