Sat. Jun 28th, 2025

ආණ්ඩුවේ බලවතුන් ෆෝන් උස්සන්නෑ: උදව් කළ අයත් චෝදනා කරති!

Dec24,2024 #news #slpolitics

බලය ලබා ගැනීමෙන් පසු ජාතික ජනබලවේගයේ බොහෝ බලවතුන්ගේ වෙස් පෙරැළී ඇතැයි කතාබහක් පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගියා. ඒ සමහර ඇමැතිවරුන් දුරකතන ඇමැතුම්වලට පිළිතුරු නොදීම හේතුවෙන්. මෙය බොහෝ දෙනාගේ විවේචනයට ද ලක් වුණා.

ආණ්ඩුව පත් කිරීමට උදව් කළ බව කියන පාර්ශ්වයකින්ද මෙවැනි චෝදනාවක් එල්ල වෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් ආයතනයේ සභාපතිවරයා පවසන්නේ තමන් දැඩි කැපවීමෙන් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළද වර්තමාන සෞඛ්‍ය ඇමැති දුරකතන ඇමතුමට පිළිතුරු දෙන්නේවත් නැති බවයි. මැතිවරණයට පෙර නම් බොහෝ වෙලාවක් දුරකතනයෙන් කතා කළ බව පවසන ඔහු කියා සිටින්නේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට තමන්ට වුවමනාවක් නැති බව සහ ගැටලු සාකච්ඡා කිරීමට පමණක් වෙලාවක් අවශ්‍ය බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *