Fri. Jun 27th, 2025

3 ක් මිය ගොස් 50කට හානි කළ හැටන් බසයේ අනතුරට හේතුව හෙළි වෙයි!

Dec23,2024 #accident #news #police

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 දා මල්ලියප්පු පෙදෙසේ අනතුරට පත් පෞද්ගලික බස් රථයේ අනතුරට හේතුව රියදුරු දොරේ අගුල ක්‍රියාවිරහිතව තිබී හදිසියේ රියදුරා ඉන් පිටතට විසි වීම බව හෙළි වී තිබෙනවා.

අද (23) දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් බසය පරීක්ෂා කරනු ලැබුවේ හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ ඉල්ලීමකටයි.

රියදුරු ආරක්ෂ බඳ පටිය ද එහි තිබී නැති අතර බස් රථයේ සවි කර තිබූ සුදු යකඩ අලංකරණ උපාංග නිසා මගීන්ට බරපතළ තුවාළ සිදුව තිබුණ බව නිරීක්ෂණය වී තිබෙනවා.

එසේ ම බස් රථයේ ආසන ප්‍රමිතියට සවි කර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීම නිසා සිදු වුණ අනතුරු දරුණු වූ බවයි පරීක්ෂකවරයා පවසා ඇත්තේ.

මගී ප්‍රවාහන රථවල උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ නොදෙන ලෙසත් එසේ සවිකර ඇති ඒවා ඉවත් කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා පොලිසියෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

බස් රථයේ හිමිකරුට විරුද්ධව නෛතික පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *