පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ වුණු මහා පරිමාණ වීමෝල් හිමියන් තිදෙනෙකු විසින් ගොවීන්ගෙන් වී අස්වැන්න තුට්ටු දෙකට මිලට ගෙන ඇති බව ඇමැති නලින් හේවගේ පවසනවා.
මෙලෙස ගොවීන්ට විශාල වශයෙන් පාඩු සිදුව ඇති නිසා වත්මන් ආණ්ඩුව යටතේ වී මිලට ගැනීමට විශාල මුදලක් යොදවන බවත් එයින් මෝල් හිමියන්ට පාරිභෝගිකයා හෝ රජය පීඩාවට පත් කිරීමට හැකියාවක් නොලැබන බවත් ඇමැතිවරයා අවධාරණය කරනවා.