නව රජය සහ මාධ්‍යවේදීන් අතර වන සහසම්බන්ධතාව සීඝ්‍රයෙන් බිඳී යන බව තොරතුරු වාර්තා වෙනවා. බලය ලබා ගැනීමට පෙර මාධ්‍ය හරහා බොහෝ උදව් ලබා ගත් නව රජයේ සමහර බලවතුන් මේ වන විට මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදක්වන බවයි පැවසෙන්නේ.
මෙහි අලුත්ම සිදුවීම මාධ්‍යවේදිනී කිෂානි අකලංකි පෙරේරා අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පක්ෂයෙන් අවසර ලබා ගත යුතු බව පැවසීමයි. මැතිවරණයට පෙර තමන් සමඟ ඇමැතිවරයා සම්මුඛ සාකච්ඡා දෙකක් පැවැත්වූ බව කියන ඈ නව රජයේ ස්ථාවරය පිළිබඳව කනස්සල්ල පළ කර ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
මාධ්‍ය සම්බන්ධයෙන් කිසිදු වෘත්තීමය සුදුසුකමක් හෝ පරිචයක් නැති වෛද්‍ය නජිත් ඉන්දික පළමුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කෙරුණු අතර වර්තමානයේද මාධ්‍ය සම්බන්ධ කටයුතු නොනිල වශයෙන් ඔහුට පවරා ඇතැයි වාර්තා වෙනවා. කෙසේ වෙතත් නව රජය සහ මාධ්‍ය අතර පාලම මෙසේ බිඳී යාම රජයට සුබදායක නොවන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.