Sat. Jun 28th, 2025

වාහන සිහින බිඳෙන ලකුණු: මිලේ ලොකු අඩුවක් නෑ!

Dec21,2024 #news #sl economy

රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම, වාහන සඳහා අය කරන ඉහළ බදු නිසා ආනයනික නවීන වාහන මිල ගණන් 2020 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ යන බවට වාර්තා පළ වෙනවා.

2020 වසරේ රුපියල් ලක්ෂ 70කට අලෙවි වූ ටොයෝටා බස් රථයක් රුපියල් කෝටි 2කට අලෙවි කිරීමට සිදුවන බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.

පුද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය ලබන වසරේ පළමු මස මැදදී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

වාහන ආනයනයේදී එන්ජින් ධාරිතාව මත බදු අය කෙරෙන අතර 18%ක වැට් බද්දක්ද ඒ අතර අය කරනු ලබනවා. 1cc සඳහා රුපියල් 2500-3500 අතර මුදලක් රේගුවට ගෙවිය යුතු වෙනවා.

ඒ අතර ජපානයේ වාහන වෙන්දේසිවලද වාහන මිල යම් ප්‍රමණයකින් ඉහළ ගොස් ඇති බවයි ආනයකරුවෝ පවසන්නේ.

කෙසේ වෙතත්, වාහන ආනයනය ආරම්භ කළ පසු මෙරට භාවිත කරන ලද වාහනවල වෙළඳපොලේ මිල ගණන් පහත වැටෙනු ඇතැයි අදහස් පළ වෙනවා. මේ වන විට විශාල වශයෙන් එම වාහන විකීණීමට දැන්වීම් පළ කරනු දක්නට ලැබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *