හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
එහි ගමන් ගත් තවත් මගීන් 46 දෙනෙක් හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තත්වය බරපතළ තවත් කිහිප දෙනෙක් මහනුවර මහරෝහල වෙත මාරු කර යවා ඇතැයි සඳහන්.

